Home » පාසල් පළමු වාරය 21දා අවසන්

පාසල් පළමු වාරය 21දා අවසන්

by mahesh
July 19, 2023 1:00 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය මේ මස 21 වැනිදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. දෙවැනි පාසල් වාරයේ පළමු අදියර මේ මස 24 වැනිදා ආරම්භ කරන බව ද අමාත්‍යාංශය පවසයි.

මෙම පාසල්වල පළමු වාරය අදියර තුනක් යටතේ පැවැති අතර පළමු පාසල් වාරයේ තෙවැනි අදියර ජුනි 12 වැනිදා ආරම්භ කෙරිණි. පළමු පාසල් වාරයේ දෙවැනි අදියර මැයි මස 26 වැනිදා අවසන් වූ අතර මැයි මස 29 වැනිදා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ විය. සාමාන්‍ය පෙළ විභාගය ජුනි 08 වැනිදා දක්වා පැවැත්විණි. සාමාන්‍ය පෙළ විභාගයට නිවාඩු ලබා දුන් පාසල් ජුනි 12 වැනිදා ආරම්භ කළේ පළමු පාසල් වාරයේ තෙවැනි අදියර ආරම්භ කරමිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT