Home » කොග්ගල වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට

කොග්ගල වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට

by chanaka
July 19, 2023 8:42 am 0 comment

අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ අද(19) අළුයම සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

නිවසකට පැමිණි පුද්ගලයින් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙලෙස එහි සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි.

වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 62ක උතුරු කඩවර, කොග්ගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෙම වෙඩි තැබීමට පැමිණි තිදෙනාගෙන් එක් අයෙක් මිය ගිය තැනැත්තා පදිංචිව සිටි නිවසේ කාමරයකට ජනේලයෙන් එබී බලමින් මරණකරුගේ පුතා පිළිබඳ සොයාබලා ඇති අතර එම අවස්ථාවේ මරණකරුගේ මිණිබිරිය අධ්‍යාපන කටයුතුවල යෙදී සිට ඇත. එම අවස්තාවේ මරණකරුගේ මිණිබිරිය විසින් ඔහු දැක කෑ ගසා ඇති අතර මරණකරු විදුලි පන්දමක් ද රැගෙන මේ පිළිබඳ පරික්ෂා කිරීමට පිටුපස දොරින් එළියට පැමිණි අවස්ථාවේ දීම රැදී සිටි පුද්ගලයන් විසින් මරණකරුට වෙඩි තබා පලා ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT