562
උතුරු කොරියාව, තම දේශසීමාව අනවසරයෙන් පසු කිරීමට උත්සහ කළ අමෙරිකානු සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු දකුණු කොරියාවේ සිට පැමිණ ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
අමෙරිකානු හමුදා ප්‍රධානියෙකු පවසන්නේ, එම සෙබලා කුමන අරමුණින් දේශසීමාව හරහා යාමට උත්සාහ දැරුවේද යන්න තහවුරු වී නොමැති බවයි. ඔහු සමග තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ද හමුදා ප්‍රධානියා පවසා ඇත.
මේ සම්බන්ධයෙන් අමෙරිකානු ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.
මෙම අමෙරිකා හමුදා සෙබලා අත්අඩංගුවට ගැනීමෙන් පැය කිහිපයකට පසු උතුරු කොරියාව බැලස්ටික් මිසයිල දෙකක් මුහුදු කලාපයට යොමු කර ඇති බවට ද වාර්තා වේ.