Home » යුක්‍රේන අර්බුදය විසඳීමේ දේශපාලනික විසඳුමක් ගැන චීනය කියයි

යුක්‍රේන අර්බුදය විසඳීමේ දේශපාලනික විසඳුමක් ගැන චීනය කියයි

by chanaka
July 19, 2023 2:56 pm 0 comment

යුද ගැටුම් මගින් යුක්‍රේන අර්බුදය විසඳිය නොහැකි බවත්, එම ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාගැනීම සඳහා අදාළ පාර්ශ්ව පෙළඹවිය යුතු බවත් චීනය කියාසිටී.

එක්සත් ජාතීන්ගේ චීන උපස්ථාවර නියෝජිත ගෙං ෂුවන් මේ බව පැවසුවේ, රුසියානු-යුක්‍රේන ගැටුම පිළිබඳව, පසුගිය 17 වැනිදා ජගත් මණ්ඩලයේ පැවති උසස් පෙළේ රැස්වීමකට එක්වෙමිනි.

වර්තමානය වනවිට යුක්‍රේන අර්බුදය යුද්ධයේ ක්‍රෑරත්වය, අනතුරුදායක බව හා අනපේක්ෂිත බව තියුණු ලෙස ප්‍රකට කර ඇත. ජගත් ප්‍රජාව එම ප්‍රශ්නය දේශපාලන මාර්ගයෙන් විසඳීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව චීන නියෝජිතයා එහිදී පෙන්වා දුන්නේය.

‘යුක්‍රේන අර්බුදය දේශපාලන මාර්ගයෙන් විසඳා ගැනීම පිළිබඳ චීනයේ ස්ථාවරය’ මැයෙන් යුත් ලේඛනයක් පසුගිය පෙබරවාරි මාසයේ චීනය විසින් නිකුත් කෙරිණ.

ස්වාධිපත්‍යයට ගරු කිරීම, සටන් විරාමයකට එළඹීම, සාම සාකච්ඡා ඇරඹීම හා ඒකපාර්ශ්වික සම්බාධක අහෝසි කිරීම ඇතුළු කරුණු 12ක් එහිදී ඉදිරිපත් කර ඇතැයි ද ගෙං ෂුවන් මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT