582
චීන ජනාධිපති ෂී ජින් පිං , ඇල්ජිරියානු ජනාධිපති අබ්දෙල් මජීද් තෙබෝන් හමුවිය. හමුව ඊයේ (18) සවස බෙයිජිං අගනුවර පිහිටි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.
චීන-ඇල්ජිරියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ 65 වැනි සංවත්සරය මෙම වසරට යෙදෙන බව ජනාධිපති ෂී ජින් පිං එහිදී සඳහන් කළේ ය. නවයුගයේ දී, ඇල්ජිරියාව සමග එක්ව, සාම්ප්‍රදායික මිතුදම ඉදිරියට මෙහෙයවමින් අදහස් හුවමාරු තහවුරු කිරීම චීනයේ අපේක්ෂාවයි.
එසේ ම, චීන-ඇල්ජිරියානු පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය තවදුරටත් ඉහළ නංවාලීමට ද චීනය සූදානම් බව ෂී ජින් පිං සඳහන් කර තිබේ.
දෙරටේ කලණ මිතුදම මෙහිදී අගය කළ ඇල්ජිරියානු ජනාධිපතිවරයා චීන මහජන සමූහාණ්ඩුව ලබාදෙන සහාය පිළිබඳ අවංක කෘතඥතාව පළ කළේ ය.