Home » ට්‍රම්ප් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක්

ට්‍රම්ප් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක්

by chanaka
July 19, 2023 10:17 am 0 comment

තමාව අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් පවතින බවට අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර ඇත.

ෆෙඩරල් පරීක්ෂණ කණ්ඩායමක් විසින් තමාව අත්අඩංගුවට ගැනීමට ඉඩකඩ පවතින බව ට්‍රම්ප් සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2021 ජනවාරි 06 වනදා කැපිටල් ගොඩනැගිල්ලේ ඇතිවූ කලබලකාරී සිද්ධියට සහ 2020 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අභියෝගයට ලක් කිරීමට එරෙහිව තමාට චෝදනා ගොනුකිරීමට ඉඩ ඇති බව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා දී තිබේ.

2024 අමෙරිකා ජනාධිපතිවරණය වෙනුවෙන් රිපබ්ලිකන් ජනාධිපති අපේක්‍ෂකත්වයේ ඉදිරියෙන් ට්‍රම්ප් පසුවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT