Home » ටලිම් සුළි කුණා­ටු­වෙන් චීනයේ ලක්ෂ 2කට වැඩි පිරි­සක් අව­තැන්

ටලිම් සුළි කුණා­ටු­වෙන් චීනයේ ලක්ෂ 2කට වැඩි පිරි­සක් අව­තැන්

by mahesh
July 19, 2023 1:00 am 0 comment

චීනයේ  ගිනි­කොන පළා­තට බලපෑ ටලිම් සුළි කුණා­ටු­වෙන් පුද්ග­ල­යන් දෙලක්ෂ තිස්ද­හ­සක්  අව­තැන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට දින කිහි­ප­ය­කට පෙර බොහෝ  ප්‍රාන්ත­ව­ලට බලපෑ සෙල්සි­යස් අංශක 50කට වැඩි උෂ්ණ­ත්වය හේතු­වෙන් දැඩි පීඩා­වට  පත් චීන­යට අන­පේ­ක්ෂිත සුළි කුණා­ටු­වෙන් එකම අව­ස්ථා­වක කාල­ගුණ විප­ර්යාස දෙක­කට  මුහුණ දීමට සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ටලිම්  සුළි කුණා­ටුව හේතු­වෙන් ගිනි­කොන පළාතේ ගුවාංඩොං ප්‍රාන්තයේ ගුවන් ගම­න්ව­ලට  දැඩි බාධා එල්ල වී ඇති අතර, ගුවන් ගමන් සහ දුම්රිය ගමන් වාර රැසක් අව­ලංගු  කිරී­මට ද සිදු වී තිබේ. මුහු­දු­බඩ නගර රැස­කට හානි සිදු වී ඇතැයි වාර්තා වේ.  පසු­ගිය සඳුදා රාත්‍රියේ පැයට කිලෝ­මී­ටර් 140ක වේග­යෙන් හමා ගිය ටලිම් සුළි  කුණා­ටුව අස­ල්වාසී ගුවාංෂි පළා­තට ද හානි සිදු කර ඇති අතර, ධාව­නය වෙමින් තිබූ  මෝටර් රථ මතට ගස් කඩා වැටී­මෙන් අන­තුරු රැසක් සිදුවී ඇතැයි ද වාර්තා වේ.  සුළි කුණා­ටු­වත් සමඟ ඇද වැටුණු ධාරා­නි­පාත වර්ෂා­වෙන් මහා මාර්ග රැසක් ද  ජල­යෙන් යටවී ඇත.

අව­දා­නම් තත්ත්වය සැල­කි­ල්ලට ගනි­මින් මුහුදු ගිය ධීවර  යාත්‍රා 2,700කට වැඩි ප්‍රමා­ණ­යක් නැවත ගෙන්වා ගැනී­මට ද බල­ධා­රින් කට­යුතු කර  ඇතැයි එරට ෂිංහුවා පුවත් සේවය වාර්තා කළේය. ඊයේ  වන විට ටලිම් සුළි කුණා­ටුව  චීන­යෙන් විය­ට්නා­මය දෙසට හමා යමින් තිබූ බව ද වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT