AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගත කිරීමට සහය වීමේ සිය කැපවීම තවදුරටත් විදහාපාමින්, ISO 14034-1:2018 හරිතාගාර වායු විමෝචන සහතික ලත් බව මහත් අභිමානයෙන් ප්‍රකාශ කර සිටියි. මෙම ඇගයීම ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ සහතිකයක් වන අතර, මෙමඟින් තිරසර පැවැත්මක් සඳහා සමාගමේ කැපවීම සහ කාබන් පියසටහන් සහ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට සිදු කරන්නා වූ ප්‍රයත්නයන් ඇගයුමට ලක්කරයි. උසස්ම තත්ත්වයේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව දැඩි සුදුසුකම් ක්‍රියාවලියක් අනුගමනය කරමින් සිදු කරන්නා වූ මෙම සහතිකත්ව වැඩසටහන ඔස්සේ හරිතාගාර වායු විමෝචනය මැනීමට සහ අඩු කිරීමට ඇති හැකියාව පෙන්නුම් කරන සහ සමස්ත සමාගම පුරාවට එම කර්තව්‍ය සඳහා සහභාගිත්වයක් ඇති බව තහවුරු කරන්නා වූ සමාගම් ඇගයේ.
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මෙම ISO 14034-1:2018 හරිතාගාර වායු විමෝචන සහතිකය අත්කර ගැනීම සඳහා ඉතා දැඩි නිර්ණායකයන්ට යටත් වූ ක්‍රියාවලියක් අනුගමනය කරන ලදි. සමාගම තුළ හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා මුලපිරීම් කිහිපයක් ක්‍රියාත්මක කර ඇති අතර, කඩදාසිවලින් තොර සේවා පරිසරයක් ඇති කිරීම, කාර්යක්ෂම ලෙස බලශක්තිය භාවිත වන ආලෝකකරණය සහ විවිධ උපාංග භාවිතය මෙන්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතය යන කරුණු සඳහන් කළ හැකිය.
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර සිය අදහස් දක්වමින් කියා සිටියේ ISO 14034-1:2018 හරිතාගාර වායු විමෝචන සහතිකය අත්කර ගැනීම අපට මහත් අභිමානයක්. එමඟින් කාබන් විමෝචනය අවම කිරීම ඔස්සේ තිරසර පැවැත්මක් සඳහා වන අපගේ කැපවීම පිළිබිඹු වෙනවා. වර්තමානය පමණක් නොව ලෝකයේ ඉදිරි අනාගත පැවැත්ම පිළිබඳව සැබෑ වශයෙන් සැලකිලිමත් වන සමාගමක් වශයෙන් අපට හැකි අයුරින් අප ජීවත් වන ලෝකයේ රැකවරණය සහ සුරක්ෂිත බව රැකගැනීමට අපේ ශක්ති පමණින් හැකි සෑම ප්‍රයත්නයක්ම ගැනීමට අප අපේක්ෂා කරනවා. තිරසර පැවැත්මක් සඳහා අපගේ පරිසරය රැකගනිමින්, සුවදායක, හරිත ලොවක් සැමට අත්කර දීම සඳහා සහාය වීමට අපි කැපව කටයුතු කරමින් සිටිනවාÓ යැයි පැවසීය.