Home » නීතිවිරෝධි ලෙස අලෙවි කිරීමට ගෙන ගිය ඖෂධ පෙති තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධි ලෙස අලෙවි කිරීමට ගෙන ගිය ඖෂධ පෙති තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

by yasara
July 14, 2023 4:15 pm 0 comment

medicine

ශ්‍රී ලංකා නාවික හමුදාව, කඳාන පොලිසිය හා එක්ව ඊයේ (13 ) දින වත්තල,කෙරවලපිටිය බලාගාරය අසල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා නීති විරෝධි ලෙස රැගෙන යමින් තිබූ Pregabalin Capsules 150 mg වර්ගයේ ඖෂධ පෙති තුන්සියයක (300) ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කර ඇත.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26 ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු (01) සහ Pregabalin Capsules 150 mg වර්ගයේ ඖෂධ පෙති තුන්සියයක (300) ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා කඳාන පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT