623
ශ්රී ලංකා නාවික හමුදාව, කඳාන පොලිසිය හා එක්ව ඊයේ (13 ) දින වත්තල,කෙරවලපිටිය බලාගාරය අසල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා නීති විරෝධි ලෙස රැගෙන යමින් තිබූ Pregabalin Capsules 150 mg වර්ගයේ ඖෂධ පෙති තුන්සියයක (300) ප්රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කර ඇත.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26 ක් වන වත්තල ප්රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු (01) සහ Pregabalin Capsules 150 mg වර්ගයේ ඖෂධ පෙති තුන්සියයක (300) ප්රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා කඳාන පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.