Home » ඇමැති හරීන් සහ සනත් ඔස්ට්‍රේලියාවේදී ධනුෂ්ක හමු වෙති

ඇමැති හරීන් සහ සනත් ඔස්ට්‍රේලියාවේදී ධනුෂ්ක හමු වෙති

by mahesh
July 14, 2023 1:00 am 0 comment

සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ඔස්ට්‍රේලියාවේ සංචාරයක් අතරතුර සිඩ්නි නුවර සිටින ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක මුණ ගැසීමට ගිය බව වාර්තා වේ. සංචාරක ඇමැතිවරයා ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටින්නේ ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා ය. අමාත්‍යවරයා සමඟ සනත් ජයසූරිය මහතා ද එම සංචාරයට එක් වී සිටී.

මේ පිළිබඳ මුහුණුපොතේ සිය ගිණුමෙහි ‘මා හමුවීමට පැමිණීම සතුටක්’ බව ධනුෂ්ක ගුණතිලක සටහනක් තබමින් ඡායාරූපයක් ද පළ කර තිබේ.

ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනා මත අධිකරණ නියෝග මත සිඩ්නි නුවර මාස අටකට වැඩි කාලයක් රැඳී සිටින ධනුෂ්කට එරෙහි නඩු විභාගය තවදුරටත් පැවැත්වෙමින් තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT