Home » සාන්ත ජෝසප් රග්බි පුහුණුකරුට පහර දුන් සැකකරුවෙක් අත්අඩංගුවට

සාන්ත ජෝසප් රග්බි පුහුණුකරුට පහර දුන් සැකකරුවෙක් අත්අඩංගුවට

by mahesh
July 14, 2023 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

මරදාන සාන්ත ජෝසප් විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල අතර පල්ලේකැලේ ත්‍රිත්ව විදුහල් ක්‍රීඩාංගණයේ දී පසුගිය 9 දා පැවති රගර් තරගය අතරතුර සාන්ත ජෝසප් විදුහල් රග්බි පුහුණුකරු වන නිල්ෆර් ඊබ්‍රාහිම් මහතාට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර හන්තාන ගැමුණු මාවතේ පදිංචි පුද්ගලයෙකු පල්ලේකැලේ පොලිසිය විසින් පසුගියදා (11) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ රග්බි තරගයෙන් කිංග්ස්වුඩ් විදුහල පරාජය වීම නිසා ඉන් උරණ වූ කිංග්ස්වුඩ් විදුහලේ රග්බි කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයකුගේ පියා සහ වැඩිමහල් සහෝදරයා මේ පහරදීම සිදුකළ බව නිල්ෆර් ඊබ්‍රාහිම් මහතා පොලිසියට පවසා තිබිණි.

ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය රග්බි ක්‍රීඩකයාගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් පල්ලේකැලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT