පාණදුර නගර සභාවේ කසළාංගණයේ සේවකයකු එහි තාප්පයකට යටවී ඊයේ (13) පස්වරුවේ මියගොස් ඇතැයි පාණදුර දකුණ පොලිසිය පවසයි .
පාණදුර වලපල ප්‍රදේශයේ පදිංචි අජිත් කුමාර ද සිල්වා නමැති 48 හැව්රිදි සිව්දරු පියකු මෙසේ මියගොස් ඇති බව පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තා පාණදුර දුම්රිය නැවතුම්පොළ ආසන්නයේ පිහිටි නගර සභාවට අයත් කසළ අංගණයේ තාප්පය ආසන්නයේ පිරිසිදු කිරීම් කටයුතුවල නියැලී සිටීයදී තාප්පය ශරීරය මතට කඩාවැටී තිබේ.
අවට සිටි අය ඉන් මුදාගෙන පාණදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වති.