Home » යතුරුපැදි අමතර කොටස් හොරු වසර දෙකකට පසු අත්අඩංගුවට

යතුරුපැදි අමතර කොටස් හොරු වසර දෙකකට පසු අත්අඩංගුවට

by mahesh
July 14, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ
arrest

මීට වසර දෙකකට පමණ ඉහත දී මහරගම විජයරාම ප්‍රදේශයේ යතුරුපැදි අමතර කොටස් අලෙවි මධ්‍යස්ථානයකින් රුපියල් ලක්ෂයකට අධික වටිනා අමතර කොටස් සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරුවන් එම ව්‍යාපාරික ස්ථානයේන් සොරා ගෙන තිබූ අමතර කොටස් ද පොලිසිය මඟින් සොයාගෙන ඇත.

ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු දන්නා හඳුනන පුද්ගලයෙකු තවත් පුද්ගලයකු සමඟ ත්‍රිරෝද රථයකින් පැමිණ දන්නා හඳුනන පුද්ගලයා ව්‍යාපාරිකයා සමඟ ව්‍යාපාරික ස්ථානයේ පිටුපස ප්‍රදේශ කතාබහ කරමින් සිටියදී අනෙක් සැකකරු විසින් අවස්ථා කිහිපයකදී යතුරුපැදි අමතර කොටස් සොරා ගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

එම අපරාධය සම්බන්ධයෙන් මහරගම පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනවලදී සැකකරුවන් දෙදෙනා ගල්කිස්ස බඩෝවිට සහ බොරලැස්ගමුව ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී සොරා ගන්නා ලද දේපළ හෝමාගම පංචිකාවත්ත ආදී ප්‍රදේශවලට විකුණා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක වැලිවත්ත මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරුන් වන 38723 රංජිත්, 60161 වසන්ත, 61249 ලන්කා, 73067 අනුරාද, පොලිස් කොස්තාපල්වරුන් වන 104870 විජේරත්න, 104607 සෙනෙවිරත්න, 104727 රණසිංහ, 104701 ජයතිලක මහත්වරු පරීක්ෂණ පවත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT