748
අයිතිකරුවෙකු නැති යතුරුපැදියක තිබී අඹන්පොළ කහඹිළියාවත්ත ප්රදේශයේ දී කසිප්පු මිලි ලීටර් 12000ක් සමඟින් යතුරුපැදියක් පොලිස් භාරයට පෙරේදා (12) ගත් බව නිකවැරටිය කොට්ඨාස රථවාහන අංශය පවසයි.
අඹන්පොළ පොලිස් වසමේ දී ප්රධාන මාවතේ රැඳී සිටිමින් වාහන පරීක්ෂා කරන අතරවාරයේ දී මහ මඟ කසිප්පු රැගෙන පැමිණි යතුරුපැදිකරු පොලිසියට හසු නොවන්නට යතුරුපැදිය දමා පලා යන්නට ඇති බවට පොලිසිය අනුමාන කරයි. අත්අඩංගුවට ගත් යතුරුපැදිය සමඟ කසිප්පු තොගය අඹන්පොළ පොලිසියට භාර දුන් බව නිකවැරටිය කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තෙන්නකෝන් පැවසීය.