Home » බටපොළ බටදූවේ පුද්ගලයකු කපා කොටා ඝාතනයට සම්බන්ධ සැකකරුවෝ තිදෙනා රක්ෂිතයට

බටපොළ බටදූවේ පුද්ගලයකු කපා කොටා ඝාතනයට සම්බන්ධ සැකකරුවෝ තිදෙනා රක්ෂිතයට

by mahesh
July 14, 2023 1:00 am 0 comment

කරන්දෙණිය සමූහ අනුරාධ ප්‍රියදර්ශන

බටපොළ බටදූව ප්‍රදේශයේ පුද්ගලයකු කපා කොටා මරා දැමූ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බව බටපොළ පොලිසිය පවසයි.

බටපොළ පොලිස් වසමේ බටපොළ ගල්පොත්තාවල බටදූව ප්‍රදේශයේ අවන්හලක් අසලදී පසුගිය ජුනි 23 වැනිදා අලුයම 01ට පමණ නුවන් සම්පත් නමැති අයෙකු කපා කොටා මරා දැමීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු ඉකුත් 11 වැනිදා බටපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව බටපොළ පොලිසිය පවසයි. අම්බලන්ගොඩ ගල්දූව ප්‍රදේශයේදී එක් සැකකරුවකු අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහුගෙන් ලද තොරතුරු මත තව දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ සමඟම ඝාතනය කිරීමට යොදාගත් තියුනු කඩු දෙකක් ඔවුන් සන්තකයේ තිබී සොයා ගැනීමට හැකිවී ඇත.

ඝාතනය කිරීමට සැකකරුවන් ගිය යතුරුපැදියද අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය විසින් දුරකතන විශ්ලේෂණ වාර්තා ඇසුරෙන් මෙලෙස සැකකරුවන් අත්අඩංගුවට ගත් බව බටපොළ පොලිසිය පවසයි. මෙම සැකකරුවන් කුලීගොඩ මීටියාගොඩ මගවෙල සහ මාදම්පේ ඉඩන්තොට ආදි ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි පොලිසිය පවසන්නේ.

මෙම සැකකරුවන් ගාලු දිස්ත්‍රික්කයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත නොහොත් සමන් කොල්ලා නමැති අයගේ සමීපතමයන් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයනට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 වැනිදා දක්වා රක්ශිත බන්ධනාගාරගත කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT