Home » බේරුවල අයි.ඕ.සී. ඉන්ධන හලේ සේවකයන් තිදෙනකුට පහර දී දේපළවලටත් හානි කරලා

බේරුවල අයි.ඕ.සී. ඉන්ධන හලේ සේවකයන් තිදෙනකුට පහර දී දේපළවලටත් හානි කරලා

සේවකයෙක් රෝහලේ පහර දුන් 5ක් අත්අඩංගුවට

by mahesh
July 14, 2023 1:00 am 0 comment

අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

බේරුවල නගර මධ්‍යයේ අයී.ඕ.සී. ඉන්ධනපොළට වැගන් ආර් රථයකින් පැමිණි පුද්ගලයන් පස්දෙනකු, කිව්. අර්. කේතය නොමැතිව ඉන්ධන ලබාදෙන්නැයි කළ ඉල්ලීම ඉන්ධන හලේ සේවකයෝ පෙරේදා (12) රාත්‍රියේ ප්‍රතික්ෂේප කිරීමත් සමඟ කාර් රථයෙන් පැමිණි මැර පිරිස එම සේවකයන්ට පහර දී දේපොළවලට හානිකර පලා ගොස් සිටියදී අද උදෑසන බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට සම්බන්ධ වයස 52,36, 28 හා 20 යන වයස්වල සැකකරුවන් පිරිස දර්ගා නගරය මීගම ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී බේරුවල පොලිසියේ ස්ථානාධිපති ලලිත් පත්මකුමාර මහතා සහ අපරාධ අංශ නිලධාරීන් එම කාර් රථය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. මේ සිද්ධිය වන විට ඉන්ධනපොළේ එහි සිටි පුද්ගලයෙක් මෙම දර්ශන වීඩියෝ ගත කර ඇති අතර එම ජංගම දුරකතනය කලහකාරී පිරිස විසින් උදුරා පොළොවේ ගසා විනාශ කර ඇතැයිද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් බේරුවල වලතර දෙණිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් සම්බන්ධව වැඩිදුර විමර්ශනය කිරීමෙන් අනතුරුව අද (14) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙම සිද්ධියෙන් ඉන්ධනහලට සිදුවූ අලාභය මෙතෙක් ගණන් බලා නැති අතර ප්‍රහාරයට ලක් සේවකයෙකු කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය පුළුල් විමර්ශනයක් සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT