පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී මියගිය චමෝදි සංදීපනී තරුණියගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයට සෞඛ්‍ය අමාත්‍යංශය පත් කළ පංච පුද්ගල කමිටුව හෙට (15) එම රෝහල වෙත ගොස් විමර්ශන සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් එම කණ්ඩායම පේරාදෙණිය රෝහලට ගොස් විමර්ශන ආරම්භ කරන බවයි.
කෙසේ වෙතත් මූලික පරීක්ෂණවලදී අදාළ තරුණියට ලබාදුන් එන්නත මරණයට හේතු වී නොමැති බව හෙළිව ඇතැයි අමාත්‍යවරයා පැවසීය. ඇමතිවරයා කියා සිටියේ විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් එය සැකහැර තහවුරු කර ගැනීමට මෙම පරීක්ෂණ කමිටුවට හැකි බවයි.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ 21 හැවිරිදි චමෝදි සංදීපනී තරුණියක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය පත් කළ පංච පුද්ගල විමර්ශන කමිටුව හෙට (15) එම රෝහල වෙත ගොස් විමර්ශන සිදු කිරීමට නියමිතව තිබේ.
21 හැවිරිදි චමෝදි සංදීපනී පසුගිය සඳුදා කැටපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර තිබුණේ පාචන රෝග තත්ත්වයක් හේතුවෙන් ය. එදින රාත්‍රියේ එම රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය පසුගියදා පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරුකර තිබුණි.
ඥාතීන් පවසන්නේ ඇයට ලබාදුන් එන්තකින් පසුව ඇය රෝගී වී මිය ගිය බවයි.
තරුණියට වාට්ටුවේදී එන්නත් දෙකක් ලබාදුන් අවස්ථාවේ ඇය වේදනාවෙන් කෑ ගසා ඇති අතර පසුව වැසිකිළියට ගොස් වමනය දමා ටික වේලාවකින් මියගිය බව ඇගේ මව වන මායා ඉන්ද්‍රානි මාධ්‍ය වෙත පැවැසුවාය.