වැඩ කරන පන්තියේ ජනතාව පාලකයන්ගේ පීඩනයට එරෙහිව සටන් කළ යුතු බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පැවසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ පසුගියදා හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
“වැඩ කරන පන්තියේ සමස්ත මහා අරගලයක් දැන් අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ අරගලයෙන් රට වට්ටපු පාලකයන් ඉවත් කරන්න ඕනෑ. එය මේ රට ගොඩනඟන සැබෑ ජාතික වැඩ පිළිවෙළක් සමඟ අත්වැල් බැඳගන්න ඕනෑ. මේ කටයුත්ත සඳහා හැකියාව තිබෙන්නේ වැඩ කරන පන්තියේ ජනතාවටයි. ඔවුන් වැඩබිම් මට්ටමින්, ආයතන මට්ටමින් සංවිධානය වී පාලකයන්ගේ පීඩනයටත්, කොල්ලකෑමටත්, විකිණීමටත් එරෙහිව සටන් කළ යුතුයි. ඒ මඟින් ප්‍රජාතන්ත්‍රවාදය දිනාගන්න ඕනෑ. ඒ හරහා සැබෑ වෙනසක් සඳහා ගමන් කළ යුතුයි“ යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.