Home » ගුවන් විරුවන් අනුස්මරණය කරමින් කතෝලික ආගමික වැඩසටහනක්

ගුවන් විරුවන් අනුස්මරණය කරමින් කතෝලික ආගමික වැඩසටහනක්

by chanaka
July 14, 2023 4:05 pm 0 comment

ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ කතෝලික ආගමික පුජෝත්සවය, පසුගිය11වැනිදා බමිබලපිටිය සාන්ත මරියා දේවස්ථානයේ දී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධාන කරනු ලබන මෙම කතෝලික පුජෝත්සවය මගින් පසුගිය යුද සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා සාමාජිකයින් මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය ගුවන් හමුදා සාමාජිකයින් සිහිකිරීම, සක්‍රිය සේවයේ යෙදී සිටින ගුවන් හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් මෙන්ම කඳවුරු ඒකකයන් වෙත ආශිර්වාද කිරිමද සිදු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුලු අධ්‍යක‍ෂ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයන් මෙන්ම මියගිය ගුවන් හමුදා විරුවන්ගේ පවුල්වල සමාජිකයින් අතුලු පිරිසක් සහභාගී විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT