කඩුගන්නාව ප්‍රදේශයේ කන්දක් නැගීමට ගොස් අතුරුදන් වූ ඩෙන්මාර්ක් ජාතික කාන්තාවගේ සිරුර අද (14) අලගල්ල ගල මුදුනේ ලිස්සන ගල පාමුල තිබියදී හමුවූ බව පොත්තපිටිය පොලිසිය සදහන් කරයි.
ජුනි 26වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ ඇති 32 හැවිරිදි මෙම කාන්තාව තනිවම සංචාරය කරමින් සිට ඇත.
අදාළ විදෙස් ජාතික කාන්තාව කඳු නැගීමට යන බව පවසමින් පසුගිය 10වැනිදා නවාතැන් ගෙන සිටි ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර රාත්‍රී වනතුරුත් නොපැමිණීම හේතුවෙන් අදාළ නවාතැන් පොළේ හිමිකරු විසින් ඒ බව සංචාරක පොලිසියට දැනුම් දී තිබුණි.
මෙම කාන්තාවගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර සංචාරක පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
ඇය කන්ද තරණය කිරීමේ දී වැටෙන්නට ඇතැයි මේ වනවිට පොලිසිය සැක කරයි.