Sunday, April 20, 2025
Home » කොළඹ ප්‍රදේශ රැසකට පැය 14 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට පැය 14 ක ජල කප්පාදුවක්

by chanaka
July 14, 2023 10:48 am 0 comment

water Cut

කොළඹ ප්‍රදේශ රැසකට හෙට (15) පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

උදෑසන 08.00 සිට හෙට රාත්‍රී 10.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 01 සිට 04 සහ 07 සිට 15 දක්වා ප්‍රදේශවලටය.

මාළිගාකන්ද සහ එලිහවුස් ජල පරිශ්‍ර වෙත ජලය සපයනු ලබන පොම්පාගාරයේ විදුලි සැපයුම් පද්ධතියේ සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීම සිදුකරන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT