Monday, April 21, 2025
Home » සබරගමුවේ ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණය බල ගැන්වීමට විශේෂ ව්‍යාපෘතියක්

සබරගමුවේ ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණය බල ගැන්වීමට විශේෂ ව්‍යාපෘතියක්

by yasara
July 14, 2023 10:37 am 0 comment

North west

සබරගමු පළාතේ අධ්‍යාපන පද්ධතිය තුළ ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණය පුර්ණ ලෙස බල ගැන්වීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් British Council ආයතනය සමග එකාබද්ධව ආරම්භ කරන බව සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතා ඊයේ (13) සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසූයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි අධ්‍යාපන විෂය අධ්‍යක්ෂවරුන් සමඟ පසුගිය දා ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවති සාකච්ඡාවකට එක් වෙමිණි.

මෙම වැඩසටහන යටතේ British Council සමඟ සාකච්ඡා කොට අදියර 3 ක් යටතේ ඉංග්‍රීසි විෂය භාර ගුරු භවතුන් පුහුණු කිරීමට බලාපොරොත්තු වන අතර රත්නපුර සහ  කෑගල්ල දිස්ත්‍රික් දෙකේ දරුවන් සඳහා පරිගණක භාෂාව ඉගැන්වීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරිමට යෝජිතය.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුජානි විජේතුංග, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් වන පරාක්‍රම පියසේන, සරත් සේනාරත්න, පළාත් අධ්‍යාපන අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි චන්ද්‍රකුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT