කිසියම් පුද්ගලයෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් ඉදිරිපස පාද දෙකට බරපතළ තුවාල ලබා තඹුත්තේගම ගල් විහාර වන රක්ෂිතයේ සිටි වන අලියෙකුට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාපය භාර පශු වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් ප්‍රතිකාර කිරීම ඊයේ (13) සිට ආරම්භ කර තිබෙයි
එම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් ඒ බව තඹුත්තේගම බීට්ටු වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට කළ දැනුම්දීමකට අනුව වනජීවී නිලධාරීන් විසින් රක්ෂිතය තුළ සිටි අලියා සොයා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පශු වෛද්‍ය නිලධාරි කණ්ඩායම වෙත ඒ පිලිබදව දැනුම් දීමකට අනුව එහි ගිය අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුලු වෛද්‍ය කාර්ය මණ්ඩලය අලියා නිර්වින්දන කිරීමෙන් පසු ප්‍රතිකාර කිරීම ආරම්භ කරනු ලැබීය.
පශුවෛද්‍ය වෛද්‍ය නිධාරීන් සඳහන් කළේ කිසිවෙක් විසින් මීට දින දෙකකට පමණ ඉහතදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට අනුමාන කරන අතර වන අලියාගේ ඉදිරිපස පාද දෙකටම වෙඩි වැදීමෙන් තුවාල සිදුවී ඇති බවයි.
උසින් අඩි 8ක් පමණ වන මෙම වන අලියා අවුරුදු 15 ක් පමණ වයසින් යුත් හොඳින් වැඩුණු සිරුරක් සහිත තරුණ අවධියේ පසුවන අලියකු බවත් වනජීවී නිලධාරීන් සදහන් කළහ.
එදින ප්‍රතිකාර කිරීමෙන් පසුව නැවත මුදා හල වන අලියා පිලිබදව නිරීක්ෂණය කර යළිත් වරක් ප්‍රතිකාර කටයුතු සිදු කිරීමට නියමිත බවද වනජීවි පශුවෛද්‍ය නිලධාරී කණ්ඩායම වැඩිදුරටත් පැවසිය .