833
මන්නාරම කොන්තයිපිඩ්ඩි මුහුදේ නීති විරෝධී ලෙස මසුන්මරමින් සිටි ධීවරයින් නව දෙනෙකු හා ඔවුන්ගේ බෝට්ටු තුනක් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙයි.
මන්නාරම දිස්ත්‍රික් සමුද්‍ර දෙපාර්තමේන්තු නිලධාරීන් හා නාවික හමුදාවේ ද සහය ඇතිව මෙම මෙහෙයුම දියත් කර ඇත.
මෙම ධීවරයින් සමග ඔවුන් සතුව තුබූ තහනම් දැල් ආම්පන්න හා තවත් උපකරණ තොගයක්ද අත් අඩංගුවට ගෙන තිබේ.
මන්නාරමේ පල්ලිමුනෙයි සවුත්බාර් හා තාවුල්පාඩු යන පළාත් වල පදිංචි මෙම ධීවරයින් කොන්තයිපිඩ්ඩි ප්‍රදේශයට ගොස් නීති විරෝධි ලෙස මසුන් මරමින් සිටියදී අත් අඩංගුවට පත් වී තිබේ.
අත් අඩංගුවට ගත් ධීවරයින් නව දෙනාට එරෙහිව මන්නාරම අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන තිබේ.