Home » සංහිදියාවේ දෑත් උතුරට දිගු කරන “ග්ලෝකල් ෆෙයාර් 2023” පෙර සූදානම බන්දුල ගුණවර්ධන – ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට ලක්වේ

සංහිදියාවේ දෑත් උතුරට දිගු කරන “ග්ලෝකල් ෆෙයාර් 2023” පෙර සූදානම බන්දුල ගුණවර්ධන – ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට ලක්වේ

by mahesh
July 14, 2023 8:24 am 0 comment

සංහිදියාවේ දෑත් උතුරට දිගු කරමින් යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේ සෙනසුරාදා (15) සහ ඉරිදා (16) පැවැත්වෙන “ග්ලෝකල් ෆෙයාර් 2023“ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ජංගම සේවයේ පෙර සූදානම ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නිරීක්ෂණයට ඊයේ (13) සවස ලක්විය.

මුට්‍රවේලි ක්‍රීඩාංගනයට අමාත්‍යවරුන් පැමිණ පෙර සූදානම පිළිබද අවධානය යොමු කළ අතර ජනතාවට ලබාදෙන සේවාවන් පිළිබද සාකච්ඡා කළේය. උතුරු පළාතේ ජනතාවට මෙම ස්ථානයට පැමිණ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් ලබාදෙන සේවාවන් ලබාගන්නා ලෙසට අමාත්‍යවරු දෙදෙනා උතුරු පළාතේ ජනතාට ආරාධනා කළේය.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.

මේ වන විට පවතින විදේශ රැකියා අවස්ථාවන් මොනවාද, විදේශ රැකියා සදහා පිටත්ව යාමේදී අනුගමය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබද මෙහිදී දැනුවත්වීමට අවස්ථාව ලැබෙනවා. විදේශ රැකියා අවස්ථාවන් ලබාගැනීමට අපේක්ෂා කරන අයටත් කම්කරු දෙපාර්තමේන්තුව හරහා සේවාවන් ලබාගැනීමට අපේක්ෂා කරන උතුරු පළාතේ ජනතාවට මෙම ස්ථානයට පැමිණෙන්න කියලා ආණ්ඩුව වෙනුවෙන් ආරාධනා කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මැදිහත්වී මෙම ජංගම සේවය යාපනයට ගෙන ඒම අගය කරන බව ඩග්ලස් දේවානන්දා මහතා මෙහිදී පැවසුවේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාද එක්ව සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT