Saturday, April 19, 2025
Home » 2023 මුල් මාස හයට කෝටි 69,600ක බදු ආදායමක්

2023 මුල් මාස හයට කෝටි 69,600ක බදු ආදායමක්

by mahesh
July 14, 2023 1:00 am 0 comment

ජයසිරි මුණසිංහ

වසර 2022 මුල් මාස 6දී රුපියල් බිලියන 361ක් (රුපියල් මිලියන 361832)ක බදු ආදායමක් ලැබූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වසරේ මුල් මාස 6දී රුපියල් බිලියන 696ක (රුපියල් මිලියන 696946)ක වාර්තා ගත ආදායමක් රැස්කර ගැනීමට සමත් වී ඇත.

මෙලෙස වසර 2022 ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා මාස 6ක කාලය තුළ දෙපාර්තමේන්තුව ලැබූ බදු ආදායමට වඩා මේ වසරේ මුල් මාස 6දී දෙපාර්තමේන්තුව සාපේක්ෂ වශයෙන් 93%ක වර්ධනයක් ලබා ඇත.

බදු ආදායම පෙර වසරේ මුල් මාස 6ට වඩා මේ වසරේ මුල් මාස 6දී ඉහළ යෑමට බදු ප්‍රතිපත්තියේ සිදු වූ තීරණාත්මක වෙනස් වීම්, රටේ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම සහ බදු පරිපාලනයන් ගනු ලැබූ පියවරයන් සහ කාර්යක්ෂමතාවය හේතු වී ඇත.

ඉතා අභියෝගාත්මක රාජ්‍ය ආදායමක් රැස්කර ගැනීමේ කටයුත්තේ නිරතව සිටින දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙලෙස බදු ආදායම වැඩි කර ගැනීමට විවිධ අයුරින් සහය දැක්වූ ගෞරවනීය බදු ගෙවන්නන්ට සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතන නිලධාරීන්ට විශේෂයෙන් ස්තුති වන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී.ආර්.එස්. හපුආරච්චි මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මේ වසරේ මුල් මාස 6දී සමාගම් සහ සමාගම් නොවන බදු ආදායම රුපියල් මිලියන 243842කි. පෙර වසරේ එම කාලයේදී ලැබූ ආදායම රු.මි. 213421කි. පුද්ගල අත්තිකාරම් බද්ද ලෙස මේ වසරේ මුල් මාස 6දී රුපියල් මිලියන 70001ක් උපයා ඇත.

පෙර වසරේ එම කාලයේදී ඉන් උපයාගෙන තිබෙනුයේ රුපියල් මිලියන 12021ක මුදලකි. රඳවා ගැනීමේ බද්ද ලෙස රුපියල් මිලියන 8589ක් 2022 මුල් මාස 6දී ලබාගෙන ඇත. 2023දී එම මුදල රුපියල් මිලියන 68132ක් දක්වා වැඩි කරගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT