ඉඩම් මැනීමක් නවතන ලෙස ඉල්ලා යාපනයේ මණ්ඩතීව් නාවික හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතාවක නිරත දෙමළ දේශපාලනඥයන් හා තවත් දෙමළ වැසියන් පිරිසකට නාවික හමුදා නිලධාරීන් විසින් බිස්කට් හා සිසිල් පැන්වලින් පෙරේදා (12) සංග්‍රහ කොට තිබේ.
ස්වල්ප වේලාවකින් පසුව එම විරෝධතාකරුවෝ එම ස්ථානයෙන් නැඟිට ගොස් ඇති අතර විරෝධයට එක් වූ පිරිස අතර දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ද දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) සෙල්වතුරෙයි ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා ද උතුරු පළාත් පභාවේ හිටපු සභාපති සී.වී.කේ. සිවඥාණම් ද තවත් සංවිධාන කීපයක නියෝජිතයෝ ද සිට තිබේ.
යාපනයේ වේලුසුමන නාවික හමුදා කඳවුර පුළුල් කිරීම සඳහා මහජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් ගැනීමට යන බවටත් එම ඉඩම් මැනීම සඳහා මිනින්දෝරු නිලධාරීන් පැමිණෙන බවටත් තොරතුරු ලබීම නිසා මේ පිරිස ඊට විරෝධතාව දක්වීමට මෙම විරෝධතාව සංවිධානය කොට තිබිණි.
අධික හිරු රශ්මිය මැද මෙම විරෝධතාව දියත්කොට තිබුණ ද මිනින්දෝරු නිලධාරීන් එහි නොපැමිණීම නිසා විරෝධතාකරුවෝ දැඩි වෙහෙසට පත්ව සිටීම හේතුවෙන් නාවික හමුදාවෙන් බිස්කට් හා සිසිල් පැන් සංග්‍රහය ලැබී තිබේ. එම සංග්‍රහය භුක්ති විඳීමෙන් පසුව විරෝධතාකරුවෝ නාවික හමුදා භූමි ප්‍රදේශයෙන් නැඟිට ඉතා සුහදශීලීව ආපසු ගොස් තිබේ.