582
‘සිනේ ඡායා‘ ජාතික රූපවාහිනී සිනමා සත්කාරය වැඩසටහන යටතේ අද (14) රාත්‍රී 10.00ට විකාශය වන්නේ ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ සිනමා නිර්මාණයක් වන ‘යහළු යෙහෙළි‘ චිත්‍රපටයයි.
ටෝනි රණසිංහ, සනත් ගුණතිලක, ස්වර්ණා මල්ලවාරච්චි හා නදීකා ගුණසේකර යන ප්‍රවීණ රංගන ශිල්පිශිල්පිනියෝ මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙති. ප්‍රවීණ සිනමා විචාරක ගාමිණි වේරගම සහ ප්‍රවීණ රංගන ශිල්පිනි නදීකා ගුණසේකර සහභාගි වන සිනමා සාහිත්‍ය විචාරයක්ද රාත්‍රී 9.30 සිට රාත්‍රී 10.00 දක්වා විකාශය වේ.