ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයකු තෝරා පත් කරගැනීම සඳහා තිදෙනකුගේ නම් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරේ.
එම විශ්වවිද්‍යාලයේ පාලක සභා සාමාජිකයන් ඡන්දයක් පවත්වා තිබෙන අතර, උපකුලපති තේරීමේ තරගය සඳහා 7 දෙනකු ඉදිරිපත් වී ඇති ඇත. ඡන්ද විමසීමේදී තිදෙනකුගේ නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශය පරිදි මෙලෙස ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද සහ මහාචාර්ය පද්මලාල් මානගේ සහ මහාචාර්ය සුරංගි යසවර්ධන මහත්මියගේ නම් ජනපති වරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත. මේ නාමයෝජනා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේද නිර්දේශය සහිතව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ඊයේ (13) යොමු කිරීමට නියමිතව තිබුණු අතර, ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධව අවසන් තීරණය ගනු ලබයි.