585
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නල මාර්ගයක් ඉදිකිරීම පිළිබඳව ඉන්දීය මහකොමසාරිස් කාර්යාල නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ මූලිකත්වයෙන් පෙරේදා (12) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
අප රටට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම වේගවත් කිරීම සහ ඉන්ධන හිඟය යළි ඇති වීම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර, දැනට ඉන්දියාවේ සිට නේපාලය සහ බංග්ලාදේශය දක්වා මේ තෙල් නල මාර්ග ක්‍රියාත්මක වේ.
මේ සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා, පළමු ලේකම් (වාණිජ) ඉරීනා ඨකූර් (Irina Thakur) මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.