Monday, April 21, 2025
Home » විදේශ ඇමැති ඉන්දුනීසියාවට

විදේශ ඇමැති ඉන්දුනීසියාවට

by mahesh
July 14, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ඉන්දුනීසියාවේ ජකර්තාහි දී අද (14) ආරම්භ වීමට නියමිත 30 වැනි ආසියාන් කලාපීය සංසඳය සඳහා විදේශ කටයුතු ඇමැති අලී සබ්රි මහතා සහභාගිවීමට නියමිතව තිබේ.

ආසියාන් කලාපීය සංසඳය 1994දී තායිලන්තයේ දී ආරම්භ කළ ආසියා – පැසිෆික් කලාපය කේන්ද්‍ර කරගත් ආරක්ෂක සංවාද යන්ත්‍රණයක් වන අතර එය කලාපීය සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යයට ඇති අභියෝග හඳුනා ගනිමින් විවෘත සහ සියලු පාර්ශ්වකරුවන්ට ප්‍රතිලාභ ලබාදෙන සංවාදයකින් සාමූහිකව කලාපීය සංවර්ධනය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරයි.

ලෝකයේ රටවල් 27ක් එහි සාමාජිකත්වය උසුලන අතර 2007 වසරේ දී ශ්‍රී ලංකාව එහි සාමාජිකත්වය ලබාගත් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙහි සංවත්සරය සැමරීම සඳහා ÒASEAN Matters: Epicentrum of GrowthÓ යන තේමාව යටතේ වත්මන් සභාපති වන ඉන්දුනීසියාව විසින් මෙවර සංසදය සත්කාරකත්වය දරනු ලබන අතර, 30 වැනි සංවත්සරය සැමරීම සහ දැඩි කලාපීය ගැටලු විසඳීමේ දී විශ්වාසය ගොඩනැඟීමේ පියවර සහ වැළැක්වීමේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය වර්ධනය කිරීම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට ද නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT