Home » ‘චන්ද්‍රයාන් තුන’ සඳ මතට

‘චන්ද්‍රයාන් තුන’ සඳ මතට

by chanaka
July 14, 2023 4:23 pm 0 comment

ඉන්දියාව සිය තුන්වන සඳ ගවේෂණය මෙහෙයුම අද(14) දියත් කළේය. එහි අරමුණ සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට චන්ද්‍ර ගවේෂණ යානයක් ගොඩබැස්වීමයි.

ඒ අනුව ‘චන්ද්‍රයාන් තුන’ අද ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රීහරිකෝටා ප්‍රදේශයෙන් ගුවන්ගත කෙරුණි.

‘චන්ද්‍රයාන් තුන’ දින 40 කින් පසුව අගෝස්තු 23 වැනිදා සඳ මත ගොඩබසිනු ඇතැයි විද්‍යාඥයින් අපේක්ෂා කරයි.

‘චන්ද්‍රයාන් තුන’ පෘථිවි දින 14 කට සමාන දිනයක් සඳහා සඳ මතුපිට සැරිසරමින් පස විශ්ලේෂණය සහ සඳ කම්පන සටහන් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත්, එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මත ගවේෂණ යානයක් ගොඩබස්වන සිව්වන රට ඉන්දියාව බවට පත්වනවා.

මේ අතර, 2019 වසරේ ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ මීට පෙර සඳ මෙහෙයුම අසාර්ථක විය. ඒ චන්ද්‍රයාන් – 2 මෙහෙයුමේ ප්‍රධාන අඩුපාඩුව වූ පද්ධතිය තුළ ආරම්භ කළ නාමික නොවන කොන්දේසි හේතුවෙනි.

ආරක්ෂිත ගොඩබෑමක් සඳහා යාත්‍රාවට නාමික නොවන තත්ත්වය හැසිරවීමට නොහැකි වූ බව ඉන්දීය විද්‍යාඥයන් ප්‍රකාශ කළා.

එමෙන්ම, 2008 වසරේ චන්ද්‍රයාන් -1 ඉන්දියාවේ ප්‍රථම සඳ මෙහෙයුමේදී ජල අණු සොයාගැනීම ලොව මවිතයට පත් කළ සිදුවීමක් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT