Monday, April 21, 2025
Home » හොලිවුඩ් නළු නිළියන් වර්ජනයක

හොලිවුඩ් නළු නිළියන් වර්ජනයක

by chanaka
July 14, 2023 2:42 pm 0 comment

හොලිවුඩ් නළු නිලියන් සහ තිරපිටපත් රචකයින් දැවැන්ත වර්ජනයක් සිදුකරන බවට නිවේදනය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙලෙස අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඔවුන් මේ අවස්ථාවේදී හොලිවුඩය වසා දැමිමක් සිදුකරන බව වාර්තා වේ. එය වසර 40කට පසු හොලිවුඩයේ සිදුවන විශාලතම වසා දැමිම බව බී බීසී ප්‍රවෘත්ති සේවය සදහන් කර ඇත.

රංගන ශිල්පීන් හා තිර පිටපත් රචකයින් 160,000ක් පමණ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයට එක්ව සිටි. ඒ සමග බොහෝ නිර්මාණවල මංගල දර්ශන පවා අත්හිටුවීමට සිදුවන බව හොලිවුඩ් අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් නෝර්ලන් පවසයි.

වැටුප් සහ ප්‍රතිලාභ ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමින් මෙම වැඩවර්ජනය කැදවා තිබේ. රංගන ශිල්පීන් වෙනුව කෘත්‍රිම බුද්ධිය සහ පරිගණකයෙන් නිපදවූ මුහුණු මෙන්ම කටහඩ භාවිත නොකරන බවට සහතිකයක්ද ඔවුන් ඉල්ලා සිටින බව හොලිවුඩ් රංගන ශිල්පීන් පවසයි.

මේ සම්බන්ධයෙන් ඩිස්නි ප්‍රධාන විධායක නිලධාරී Bob Iger පවසා ඇත්තේ නළුවන් සහ ලේඛකයින් යන දෙඅංශයේම ඉල්ලීම් ප්‍රායෝගික නොවන අතර කොවිඩ් බලපෑමෙන් තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින කර්මාන්තයකට මෙම වර්ජනය හානිදායක වනු ඇති බවයි.

වර්ජන ක්‍රියාමාර්ගයත් සමග ඇමෙරිකාවේ චිත්‍රපට සහ රූපවාහිනී නිර්මාණ රැසක් නතරවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර මෙවැනිම වර්ජන 80 දශකයේ සහ 60 දශකයේද සිදුව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT