454
රුසියානු රජයට එරෙහිව කෙටි කැරැල්ලක් මෙහෙය වූ එරට වැග්නර් කුලී හමුදාව සිය අවි ආයුධ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය වෙත බාර දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බර අවි, සැහැල්ලු අවි ඇතුළු හමුදා උපකරණ විශාල තොගයක් මේ වන විට බාර දී ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ. වැග්නර් හමුදාව බාර දුන් අවි අතර යුද ටැංකි, රොකට් විදිනයන් සහ ගුවන් යානා නාශක පද්ධති රැසක් ද තිබී ඇති අතර, බර අවි දෙදහසකට වැඩි තොගයක් ඊට ඇතුළත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. විවිධ උණ්ඩ වර්ග ටොන් 2,500ක් සහ සැහැල්ලු අවි විසිදහසක් ඒ අතර තිබෙන බව ද වාර්තා වේ.