Tuesday, April 22, 2025
Home » තීක්ෂණ ස්ථාන 19ක් ඉදිරියට

තීක්ෂණ ස්ථාන 19ක් ඉදිරියට

by gayan
July 13, 2023 1:00 am 0 comment

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ එක්දින ක්‍රිකට් පිටියේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ රැසක් ඉදිරියට පැමිණීමට සමත්ව සිටිති.

ඒ අනුව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී පන්දුවෙන් දස්කම් දක්වමින් තරග 8කදී කඩුලු 21ක් බිඳ දමමින් තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණුලාභියා වූ මහීෂ් තීක්ෂණ ස්ථාන 19කින් ඉදිරියට ඒමට සමත්වීම කැපී පෙනේ. ශ්‍රේණිගත කිරීම්වල ඔහු හිමි කර ගත් ඉහළම ස්ථානය මෙයයි.

ඔහු මේ වන විට 13 වැනි ස්ථාන හිමි කර ගෙන ඇති අතර, පිතිකරණයෙන් දස්කම් දැක්වූ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ස්ථාන 9ක් ඉදිරියට එමින් 29 වැනි තැනට පත්ව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT