Home » නව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු

නව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු

by gayan
July 13, 2023 1:00 am 0 comment

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා අතින් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා පත්වීම ලබාගත් අයුරු

ක්‍රීඩා අමාත්‍යාංශයේ නව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා පත් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩලය ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ නිර්දේශ මත මේ පත්වීම සිදු කර තිබේ.

කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවකු වන ඒ මහතා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක ක්‍රීඩා විද්‍යාව පිළිබඳ දර්ශන ආචාර්ය උපාධියක් (PhD) ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා වෙයි. මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රධාන තනතුර සඳහා ඉදිරිපත් කරන ලද සියලු නිර්ණායක සපුරා ඇති ඔහු අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවක් විසින් සම්පාදනය කරන ලද ‘දක්ෂතා ලැයිස්තුවේ’ ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු මහතා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේසන් මහතා ද එම කමිටුවේ සාමාජිකයෝ ලෙස කටයුතු කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT