Home » අරණායක ගල් ගුහාවක අත්බෝම්බ 2ක් පතරොම් 86ක්

අරණායක ගල් ගුහාවක අත්බෝම්බ 2ක් පතරොම් 86ක්

by gayan
July 13, 2023 1:00 am 0 comment

අරණායක, ගන්තුන ප්‍රදේශයේ ගල් ගුහාවක තිබී අත්බෝම්බ 2ක්, ජීව පතරොම් 86ක් පෙරේදා (11) රාත්‍රි මුර සංචාර රාජකාරි කටයුතුවල නියැළී සිටි පොලිස් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇතැයි අරණායක පොලිසිය පවසයි.

අරණායක පොලිසියේ පොලිස් කණ්ඩායමක් පෙරේදා (11) රාත්‍රී මුර සංචාර රාජකාරී කටයුතු නියැළී සිට ඇති අතර, ඔවුනට ලද තොරතුරකට අනුව ගන්තුන ප්‍රදේශයේ ගල් ගුහාවක තිබී අත්බෝම්බ දෙකක් එම්.පී.එම්.ජී. ගිනි අවිවලට යොදන ජීව පතරොම් 86ක් සොයාගෙන තිබේ.

මෙම අත්බෝම්බ දෙක හා ජීව පතරොම් 86 සම්බන්ධයෙන් අරණායක පොලිසිය ඊයේ (12) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ගල් ගුහාව පිහිටා ඇති ප්‍රදේශය සෝදිසි කිරීමට නියෝගයක් ලබා ගැනීමට නියමිතව ඇති බව පොලිසිය පැවසීය. අත්බෝම්බ දෙක හා ජීව පතරොම් 86 සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු සැකපිට අත්අඩංගුවට ගෙන නොමැත.

කෑගල්ල විශේෂ චමින්ද ජයලත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT