ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන ජාතික අල්-කුර්ආන් කටපාඩම් තරඟය ලබන 15වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතය.
මෙම තරඟයේදී මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අරාබි විද්‍යාලවල සිසුන් සහභාගී වනු ඇත.
තරඟයේ මුල් ස්ථාන පහ ලබා ගන්නා සිසුන්ට සෞදි අරාබි රජයෙන් වටිනා ත්‍යාග හිමිවේ.
ජාත්‍යන්තර වශයෙන් සෞදි අරාබියේ වාර්ෂිකව පැවැත්වෙන කුර්ආන් කටපාඩම් තරඟයට ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල සිසුන්ට ආරාධනා කර ත්‍යාග ප්‍රදානය කෙරේ. මේ හැර සෞදි අරාබිය තෝරාගත් රටවල ජාතික තරඟ ද පවත්වයි.
මේ අයුරින් ශ්‍රී ලංකාවට ප්‍රථම වරට මෙම අවස්ථාව ලබා දීම පිළිබඳව සෞදි අරාබියට ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් සිය ස්තුතිය පළ කළහ.
සෞදි අරාබිය ලෝකයේ මානුෂීය ආධාර අතින් ඉදිරියෙන්ම සිටින අතර අනෙකුත් කලාවන් ප්‍රවර්ධනය කිරීමෙහිලා මූලික වී ඇත.
ඒ ආකාරයට මුස්ලිම්වරුන්ගේ ධර්ම ග්‍රන්ථය වන අල්-කුරානය මුද්‍රණය කර ලෝකවාසී මුස්ලිම් ජනතාවට ලබාදීමට පමණක් නොව අල්-කුර්ආනය කටපාඩම් කරන්නන් දිරිගැන්වීමටද සෞදි අරාබි රජය වසර ගණනාවක් පුරා අල්- කුර්ආන් කටපාඩම් තරඟය පෙවත්වේ.මෙම තරගයේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවයක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත.ඒ සඳහා දෙස් විදෙස් ප්‍රභූවරුන් සහ දේශපාලනඥයින් ද සහභාගී වීමට නියමිතය.