Sunday, April 20, 2025
Home » කොළඹ ආරක්‍ෂක සමුළුව මාර්ගගත ක්‍රමය ඔස්සේ අරඹයි

කොළඹ ආරක්‍ෂක සමුළුව මාර්ගගත ක්‍රමය ඔස්සේ අරඹයි

by chanaka
July 13, 2023 1:29 pm 0 comment

දකුණු ඉන්දීය සාගර කලාපයේ අන්තර්සම්බන්ධතාවය සහ ආරක්‍ෂක සහයෝගීතාවය ශක්තිමත් කිරීම අරමුණු කරගත් 7 වැනි කොළඹ ආරක්‍ෂක සමුළුව ඊයේ (12) පැවැත්විණි.

2023-2024 සඳහා සහයෝගීතාව සඳහා වන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේප්‍රවේශයන් සහ 6 වන කොළඹ ආරක්‍ෂක සමුළුවේ වැදගත් අංගයක් වූ නියෝජ්‍ය ජාතිකආරක්‍ෂක උපදේශක රැස්වීමේදී එකඟ වූ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමද 7 වැනි කොළඹ ආරක්‍ෂක සමුළුවේ නියෝජ්‍ය ජාතික ආරක්‍ෂක උපදේශක රැස්වීමට ඇතුළත් වේ.

මෙවර සමුළුවේ සත්කාරකත්වය දරණමාලදිවයිනවෙත සුබ පැතුම් එක් කරමින් ආරක්‍ෂකමාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් ආරම්භක දේශණය සිදුකරන ලදි. තවද 7 වන නියෝජ්‍යජාතික ආරක්‍ෂක උපදේශකයින් සඳහා වන කලාපීය ආරක්‍ෂක රැස්වීමට සහභාගී වීමසම්බන්ධයෙන් සාමාජික රටවල සහ නිරීක්‍ෂක රටවල සියලුම නියෝජ්‍ය ජාතික ආරක්‍ෂකඋපදේශකයින්, ප්‍රධාන සම්බන්ධීකාරකවරුන්ට සහ අනු සම්බන්ධීකාරකවරුන්ට සියකෘතඥතාවය පළ කළේය.

කලාපයේ සමුද්‍රීය ආරක්‍ෂාව සහතික කිරීමේ ක්‍රම පිළිබඳව සහ මේ සම්බන්ධයෙන් වන මෑතකාලීන වර්ධනයන් කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා කරන ලෙස සමුළුව අමතමින්ආරක්‍ෂකමාණ්ඩලික ප්‍රධානි විසින් සාමාජික රටවලට ආරාධනා කළේය.

මිනිස් ජාවාරම් සහ අන්තර්ජාතික අපරාධ සහ කලාපීය රටවල සාමයට අභියෝග කරන ත්‍රස්තවාදය, අන්තවාදය සහ රැඩිකල්කරණය සම්බන්ධ තර්ජන පිළිබඳ කරුණු ඔහුගේ දේශනයට ඇතුලත් විය.තොරතුරු තාක්‍ෂණයේ දියුණුවත් සමඟම, සයිබර් අපරාධ, දත්තඡේදන ක්‍රියාකාරකම් සහ සයිබර් ප්‍රහාර වැනි නව තර්ජන සඳහා කලාපීය රටවල් වඩාත් හොඳින් සූදානම් කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා කරන ලදි.මානුෂීය ආධාර සහ ආපදා සහන කලාපයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත්වන කරුණු බව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් පැවසීය.

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ධම්මිකා කේ. විජයසිංහ – ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක), බ්‍රිගේඩියර් අනිල් පෙරේරාආර්ඩබ්ලිව්පීආර්එස්පී යූඑස්පී -අධ්‍යක්‍ෂ මෙහෙයුම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය,කපිතාන් (සංඥා)ඩබ්ලිව්එම්එම්එස්බී වාහල යූඑස්පීපීඑස්සී -නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් ශ්‍රී ලංකා නාවික හමුදාව, කොමාණ්ඩර් නිරෝෂ ආනන්ද (විශ්‍රාමික) – ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, කර්නල් පීසී ප්‍රියදර්ශණ ආර්එස්පී යූඑස්පී එල්එස්සී – ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි (ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි අංශය), නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ), ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්එම් සමරකෝන් බණ්ඩා – අධ්‍යක්‍ෂමිනිස් ජාවාරම්, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය (ශ්‍රී ලංකා පොලීසිය), විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිත චරිත කුලතුංග ද අයත් විය.

මාලදිවයින විසින් සත්කාරකත්වය සහ සම්බන්ධීකරණය දරණමෙම සමුළුවට සාමාජික රටවල්, ඉන්දියාව සහමුරුසි දිවයිනේ නියෝජිතයින් ද සහභාගී වූහ.එසේම, බංග්ලාදේශයේ සහ සීෂෙල්ස් හි නියෝජිතයන් නිරීක්‍ෂක රාජ්‍යයන් ලෙස මෙම සමුළුවටමාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT