Monday, April 21, 2025
Home » මිල කළ නොහැකි වාලම්පුරියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මිල කළ නොහැකි වාලම්පුරියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

by yasara
July 13, 2023 11:39 am 0 comment

walampuriya

මිල කළ නොහැකි වාලම්පුරියක් විකිණීම ට උත්සාහ කළ පුද්ගලයින් 06 දෙනකු ,මොනිටේරෝ වර්ගයේ වෑන් රථයක් හා යතුරු පැදි දෙකක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ජා-ඇල පොලිස් බුද්ධි කොට්ඨාශ ට හා පොලිස් විශේෂ කාර්යංශයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම ඊයේ (12) සිදු කර තිබේ.

මිල කළ නොහැකි වාලම්පුරියක් රුපියල් කෝටි හයයි ලක්ෂ 60 කට විකිණීම සඳහා පිරිසක් කටයුතු කරමින් සිටින බවට ලද තොරතුරක් අනුව ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් උපාය දූතයෙකු යොදවා මෙම වාලම්පුරිය ගැනීමට සූදානම් බව එය විකිණීම ට සුදානම් වු මරදාන ප්‍රදේශයේ ව්‍යාපාරික පවසා ඇත.

ඒ අනුව එම පිරිස වාලම්පුරිය ද රැගෙන මොනිටේරෝ වර්ගයේ වෑන් රථයකින් ජා-ඇල ප්‍රදේශයට පැමණ තිබිණි.

එලෙස වාලම්පුරිය විකිණීම සදහා පැමිණ තිබුණේ එකම පවුලක මව, පුතා ලේලිය ඇතුළු පිරිසකි.

ඔවුන්ගේ සහය ට තවත් පුද්ගලයින් තිදෙනෙක් යතුරු පැදි වලින් පැමිණ සිටි බව පොලීසිය පවසයි. උපාය දූතයා මාර්ගයෙන් පැමිණ සිටි පුද්ගලයින් පොලිස් අත් අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ අපවත් වු හිමිනමක් විසින් ඔවුන්ට මෙම වාලම්පුරිය ලබා දුන් බවයි.

අත් අඩංගුවට ගත් මෙම පිරිස 1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් පනතේ අංක 29 වගන්තියට අනුව හා සත්ව හා වෘක්ෂලතා පනතේ 30 වන වගන්තිය වරදක් කර ඇති බව පවසන පොලීසිය ඒ අනුව 13 වන දින සැකකරුවන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය ට ඉදිරිපත් කරන බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT