724
කල්පිටිය කළපුව ඔස්සේ ඉන්දියාවට රැගෙනයාමට තැත් කළ රත්තරන් කිලෝ අටයි ග්‍රෑම් හාරසිය පනහක් ,කල්පිටිය වන්නිමුන්දලම කළපුවේදී කල්පිටිය නාවුක හමුදාව විසින් අද (13) දින අලුයම අත් අඩංගුවට ගෙන ඇත.
මෙම රත්තරන් තොගය සමග සැකකරුවන් දෙදෙනෙකු ද අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් කල්පිටිය මන්ඩල කුඩාව පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු සහ කල්පිටිය මොහමදියාපුරම් පදිංචි 42 හැවිරිදි විවාහකයෝ වෙති.
රන් තොගයේ දළ වටිනාකම රුපියල් කෝටි 20 කට ආසන්න බව වාර්තා වෙයි.
සැක කරුවන් සහ රන් තොගය ශ්‍රී ලංකා රේගුව වෙත භාර දීමට නියමිතය.