Monday, April 21, 2025
Home » අනුරාධපුර – ඕමන්ත දුම්රිය මාර්ගය විවෘත කිරීමට පෙර නිරීක්‍ෂණයක්

අනුරාධපුර – ඕමන්ත දුම්රිය මාර්ගය විවෘත කිරීමට පෙර නිරීක්‍ෂණයක්

by chanaka
July 13, 2023 9:51 am 0 comment

ඉදිකිරීම් අවසන්ව පවතින උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට ඕමන්ත දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතියේ නවීකරණ කටයුතු වලින් අනතුරුව නැවතත් අනුරාධපුර සිට දුම්රිය ගමන් ආරම්භ කිරීමට පෙර නවීකරණ කරන ලද දුම්රිය මාර්ගයේ විශේෂ නිරීක්ෂණ ධාවනයක් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

පැයට කිලෝමීටර් 100ක වේගයක් සහිතව දුම්රිය ගමන් කිරීමට හැකියාව ලැබෙන පරිදි නවීකරණය කරන ලද මාර්ගයේ ධාවන යෝග්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා M 11 වර්ගයේ දුම්රිය එන්ජිමක් සහ වායු සමීකරණය කරන ලද සුඛෝපභෝගී නවීන මැදිරි කට්ටලයක් මෙම ධාවනය සඳහා එක්කර තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා, දුම්රිය සාමාන්‍යධිකාරී ඩබ්ලිව් ඒ ඩී එස් ගුණසිංහ මහතා, ඉදිකිරීම් භාර ඉන්දියානු ඉර්කොන් සමාගමේ නියෝජිතයින්, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු පිරිසක් මෙම නිරීක්ෂණය සඳහා එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT