Home » ඩිජිටල් බද්ධක් ගැන ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කර නැහැ – IMF පැහැදිලි කරයි

ඩිජිටල් බද්ධක් ගැන ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කර නැහැ – IMF පැහැදිලි කරයි

by chanaka
July 13, 2023 9:21 am 0 comment

ඩිජිටල් සේවා බද්ධක් පැනවීමක් සම්බන්ධයෙන් කිසිඳු සාකච්ඡාවක් හෝ සැලසුමක් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සිදුකර නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ජාත්‍යන්තර ආයතනික බදුකරණය සඳහා ශ්‍රී ලංකාව ආර්ථික, සහයෝගීතාව හා සංවර්ධන පිළිබඳ සංවිධානය හෙවත් ජී 20 හි පරිපූර්ණ යාන්ත්‍රණ ගිවිසුමට අත්සන් තැබිය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කරයි.

කෙසේ වෙතත් තම අරමුදලේ වත්මන් වැඩසටහන තුළ ඩිජිටල් සේවා බද්ධක් පිළිබඳ කිසිදු සැලසුමක් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා නොකළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ පිළිබඳ ප්‍රකාශය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් සේවා බද්ද සම්බන්ධයෙන් එහි උපදෙස් සම්බන්ධයෙන් මෑත කාලීන මාධ්‍ය වාර්තා සහ විමසීම්වලට ප්‍රතිචාරයක් වශයෙනි.

ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට වඩාත් හිතකර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට බලධාරීන් සමඟ කටයුතු කරන බව වැඩිදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කර සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT