අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 (2023) සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ ලබන (අගෝස්තු) මස 02 වැනිදා සිට 12 වැනිදා දක්වා රට පුරා පිහිටුවන පරීක්ෂණ මණ්ඩලවලදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවැසුවේය.
සංගීතය (අපරදිග) විෂයෙහි ශ්‍රවණ පරීක්ෂණය අගෝස්තු 06 වැනි ඉරිදා දින පැවැත්වේ.
සංගීතය (පෙරදිග), සංගීතය (අපරදිග), සංගීතය (කර්ණාටක), නැටුම් (දේශීය), නැටුම් (භරත), නාට්‍ය හා රංග කලාව (සිංහල), නාට්‍ය හා රංග කලාව (දෙමළ), නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි) විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වේ.
පෙර වර්ෂයෙහි පැවැති ප්‍රායෝගික පරීක්ෂණ සඳහා යොදාගත් ඇගැයීම් ක්‍රමවේදයෙහි වෙනසක් නොවන අතර මෙවර ද එම ක්රමවේදයම අනුගමනය කරයි.
පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර ඉදිරියේදී තැපැල් මඟින් ලැබීමට සලසා තිබේ.
මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් ඍජු දුරකතන අංක 1911, 011-2784208, 011-2784537, 011-2786616 යනාදියෙන් දැනගත හැකිය. තොරතුරු දැන ගැනීමට අවශ්‍ය ෆැක්ස් අංකය වනුයේ 011-2784422. දුරකතන අංක 011-2786201, 011-2784201, 011-2785202න් ද තොරතුරු ලබාගත හැකිය. විභාග දෙපාර්තමේන්තුවේ තොරතුරු දැනගත හැකි විද්‍යුත් ලිපිනය වනුයේ gceolexamsl@gmail.com ය.
සන්ධ්‍යා කරුණාරත්න