Home » 1 ශ්‍රේණියට ළමයින් ඇතුළත් කරන චක්‍රලේඛය හෙට

1 ශ්‍රේණියට ළමයින් ඇතුළත් කරන චක්‍රලේඛය හෙට

by gayan
July 13, 2023 1:00 am 0 comment

වර්ෂ 2024 සඳහා එක ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය හෙට (14) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නීලමනී මලවිආරච්චි මහත්මිය ‘දිනමිණ‘ට ඊයේ (12) ප්‍රකාශ කළාය.

මෙම චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසුව එක වසර සඳහා දරුවන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍ර යොමු කිරීමට අවස්ථාව උදා වන බවත් අගෝස්තු මස 18 වැනිදා තෙක් මෙම අයදුම්පත්‍ර යොමු කළ හැකි බවත් ඒ මහත්මිය පැවැසුවාය. අයදුම්පත් යොමු කිරීමේදී දරුවා පාසලට ඇතුළත් කිරීම සඳහා ඉදිරිපත් කරන ලියකියවිලි ජූනි 30 වැනිදාට පෙර සහතික කළ එවිය යුතු බව ද ඇය පැවසීය. මෙවර එක වසරට දරුවන් ඇතුළත් කිරීමේදී විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට සාමාන්‍ය පාසලකට ඇතුළත් වීමේ අවස්ථාව උදාවන්නේ යැයි ද ඇය පැවසුවාය.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT