තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක පමණ ආනයන සීමා එළඹෙන සතියේදී ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කර තිබේ. මීට පෙරද එලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ 700කට ආසන්න ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කළ බවත් එළඹෙන සතියේ තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ සීමා පනවා තිබූ භාණ්ඩ විශාල ප්‍රමාණයක සීමා ඉවත් වෙන බවත් ඒ මහතා කියා සිටියේය.
සීමා ඉවත් නොකළ තවත් භාණ්ඩ 600ක් පමණ තිබෙන බව ද සියඹලාපිටිය මහතා පැවැසීය. පසුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ ඇතැම් භාණ්ඩවලට ආනයන සීමා පැනවූ බව පැවසූ ඒ මහතා යළි ආර්ථික යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන නිසා මෙලෙස ඇතැම් භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කරමින් තිබෙන බව කීවේය. පසුගිය වසරේ අගෝස්තු 23 වැනිදා භාණ්ඩ 1,465ක ආනයනය සීමා කිරීමට රජය තීරණය කළ අතර ඉන් අනතුරුව පසුගිය දෙසැම්බර්, පෙබරවාරි සහ ජූනි මාසවලදී ඉන් භාණ්ඩ කොටසක ආනයන සීමා ඉවත් කෙරිණි.
නුවන් කොඩිකාර