Home » ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් නාවික හමුදාපති සමඟ සමුගැන්මේ හමුවක

ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් නාවික හමුදාපති සමඟ සමුගැන්මේ හමුවක

by gayan
July 13, 2023 1:00 am 0 comment

සේවා කාලය නිමවා ආපසු නික්ම යන ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කුරේන් ජේකබ් මහතා ඊයේ (12) නාවික හමුදා මූලස්ථානයේදී සමු ගැනීමේ නිල හමුවක් සඳහා නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා හමු විය.

නාවික හමුදාපතිවරයා විසින් ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දෙදෙනා අතර සුහද පිළිසඳරක් පැවැත්විණි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ලෙස සිය රාජකාරි කාලසීමාව තුළ දුන් සහයෝගය සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයා ඔහු වෙත සිය කෘතවේදීත්වය පළ කර ඉදිරි කටයුතු සඳහා ශුභාශංසන පිරිනැමීමද මෙහිදී සිදු කෙරිණි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT