ව්‍යාපාරික ගනුදෙනුවක් කරමින් රුපියල් ලක්ෂ 200ක් ණයට ලබා ගෙන පසුව අගරු චෙක් පත් ලබා දුන් ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් කේ බෝගහදෙණිය මහත්මිය පෙරේදා (11) නියෝග කළාය.
පළමුවරට අධිකරණය හමුවේ පෙනී සිටි සැකකරු මෙලෙස ඇප මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යවන ලෙසත් නියෝග කළාය.
එමෙන්ම ඇපකරුවන්ට පදිංචිය සහතික කරන ලෙසත් නියෝග කළ මහේස්ත්‍රාත්වරිය නඩුව වැඩිදුර විභාගය සඳහා ලබන සැප්තැම්බර් මස 04 වනදා කැඳවන ලෙසත් නියෝග කළාය.
මෙලෙස ඇප මත මුදා හැරියේ කළුබෝවිල චීන කටු චිකිත්සක ආයතනයක හිමිකරුවකු වන ප්‍රසාද් දේශප්‍රිය විතාරණ යන අයෙකි.
ව්‍යාපාරික ගනුදෙනුවක් සඳහා මුදල් ලබා ගෙන එම මුදල් ආපසු ලබා නොදීම හේතුවෙන් ණය ආපසු අයකර ගැනීමේ පනත සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහය යටතේ මුදල් සාවද්‍ය පරිහරණය කිරිම යටතේ මුදල් සඳහා ලබා දුන් චෙක්පත් දෙකක් අගරු වීම හේතුවෙන් පී දර්ශන මංගල නමැති ව්‍යාපාරිකයකු ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් අනුව නඩුව කැඳවිණි.
පැමිණිල්ල වෙනුවෙන් නිතිඥ ජීවන්ත ජයතිලක මහතා සහ තිලංක පොල්ගම්පල මහතා පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් නිපුන විමලසේකර මහතා අධිකරණයේ පෙනී සිටියේය.
සුභාෂිණී සේනානායක