326
අයිස්ලන්තයේ රෙයික්ජවික් අගනුවරට කිලෝමීටර් 30ක දුරකින් පිහිටි ගිනි කන්දක් පිපිරී ගිය බව එරට කාලගුණ විද්‍යා කාර්යාලය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අවසන් වරට මීට වසර දෙකකට පමණ පෙර සක්‍රීය වූ බව කියන එම ගිනි කන්ද එරට ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේම පිහිටා ඇතැයි ද වාර්තා වේ.
ගිනි කන්දෙන් ලාවා විශාල වශයෙන් ගලා යන බවත්, දැවැන්ත දුම් වලාවෙන් අගනුවර අහස වැසී ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ගිනි කන්ද පිපිරී ගොස් ඇත්තේ මීට සතියකට පෙර ඒ අවට පළාතේ සුළු භූ චලන දහස් ගණනක් වාර්තා වීමෙන් පසුව බවත් සඳහන් වේ.